Sunday, February 2, 2014

අපි කවුරු වට්ටන්නද බං


"මොන දේ කළත් අප වට්ටන්න කිසිවෙකුටත් බෑ.." - කියුමක්

අන්න හරි කතාව
ගම් නියම් ගම් ගිනි ගසා
වාපි කම් බිඳ පුපුරුවා
සුද්දා බයිනෙත්තු අරන් එද්දී
පැරදුණේ නං අපි
අපේ උන් නිසා

උරෙන් උර සටන් බිම වැතිරුණත්
උනුන් රැවටූ අයත් විය තවත්
කණින් කණ අවුලුවා අපෙ රහස්
පැරදුණේ එහෙම අපි
වෙව්ලද්දි අපේ හිත්
සුද්දා ගත්තෙ එහෙමයි අපේ රට
උන් දස්ස නිසා කොහෙ
අපේ උන් නිසාමයි

දන්නෙ නෑ අපේ උන්
හූවක් තැබුවොත් එකට එක් වී
අහස පොළොවත් හොල්ලන්ඩ පුළුවන් බං
එකට එක් වී හූ කියන්නත් බැරි උන්
ඉන්න කං අපට උන්
වට්ටන්න බෑ බං

හොර ඡන්ද දාන්නෙත් අපේ උන්
ඒකට පාර හදන්නෙත් අපේ උන්
ඡන්ද පෙට්ටි උස්සන්නෙත් අපේ උන්
ඉතිං කොහෙ වට්ටන්නද උන්
අපෙ ඇත්තො බඩගැත්තො වෙන කොට
අපි කවුරු වට්ටන්නද බං

Picture - Paul Klee, Swiss, 1879 - 1940

4 comments:

  1. අපේ උන්ගේ ගොං කම්
    නිසා වැජඹෙයි මැරකම්,ජඩකම්
    ඔක්කොටම ලොකු බඩ නම්
    මොනා කරන්නද කරුමෙ බං

    http://ragamayaa.blogspot.com/

    ReplyDelete
  2. වර්ථමානයේ යන විදිහට... වට්ටන එක අමාරුයි තමා..

    ReplyDelete
    Replies
    1. හිතුව නේද වැටෙයි කියල මං?!
      මාව වට්ටන්නට බෑ!

      Delete