Thursday, February 27, 2014

තනිකමත් ජීවිතේ මිහිරි කවියක් කියා මට හිතේ



තනියම ඇවිදිමි
හිතුණු විට බොමි
වැඩියම නිකං වාඩි වී ඉමි
රූපවාහිනිය කරකවමි
එකක්වත් නොබලමි
කවිච්චියට පැන සැතපෙමි

ඕලන්ද ඉස්පිරිතාලෙ
දෙසියපනහෙ තේ එක නිමි
වට පිට යනෙන දන දිහා
නිකමට බලන් ඉමි
තනිකඩ දිවිය සැපකැයි
එනමුදු තව ම නොලියමි

පාට පාට මාල වළලු
තෝරමින් වීථියට යමි
දරු මල්ලන් වඩා ගෙන
විඩා ගත් කතුන් දැක ගැස්සෙමි
බිළාල ඇස් දෙකක් ඇති
බඩ මහත මහත්වරු පාවෙති

තනිකමත් ජීවිතේ
මිහිරි කවියක් කියා මට හිතේ

Picture - Iain Faulkner, Scottish, Born 1972, Coffee Break

2 comments:

  1. තනිකමත් ජිවිතේ , මිහිරි කවියක් කියා මට හිතේ.... මේ ටික පට්ට ඇත්ත කඳු :) 

    ReplyDelete