Wednesday, February 19, 2014

කොහුවල හන්දිය



කොහුවල හන්දිය
වැඩට යන-එන දන වෙත
හෘද කම්පන ගෙන එන
ගිමන් නිවනට මෙන්
ගමන් රථ නවතින
එක වරක් නිම වුණු පසු
නැවත වරකුත් ළතවෙන

ඔර්ලෝසු කටු වේගයෙන් කැරකෙන
උණුසුම් සුසුම් දහදියෙන් කැලතෙන
නිවෙන දැල්වෙන ලාම්පු එළි
පසු කර පැමිණි බස් රථය
ඊළඟ නැවතුමේ
බරාස් ගා නවතින

නැවත පණගන්ට බැරි මෙන්
කෑ ගසා හති ලන
විසංඥ වන්නට ආසන්න මෙන්
වැනි වැනී ඉන් පසු යන
ඇඟිලි සලකුණු යන්ත්‍රය ළඟ
ලේ ගලන හදවත් නවතින

Picture - Graham McPherson, Starlings in Scotland, Isle of Skye

2 comments:

  1. හරිම අගනා කවි පන්තියක් මට ආයෙයත් කොහාුවල පැත්තෙ ගිහින් එන්ට හිතුනාය.

    ReplyDelete