Thursday, February 13, 2014

මහ වැස්සයි නගරය



අනේ මන්ද කුඩෙත් වැටුණ මහ වැස්සයි නගරය
චිරි චිරි ගා වතුර ගලයි තෙමලා මගෙ දෙපයම
මෝඩ අස්පයෝ මොකටද බලන් ඉන්නෙ ඔතැන ම
එන්න යන්න හිස තෙමිලා පීනස එයි නිතර ම

අනේ මන්ද බඩුත් වැඩියි මොනවද ගත්තේ දාහට
යෝදියෙ මට තේරෙන් නෑ කී දවසක් කත ඇහැකිද
කළුවර එනවා හොඳටම කුඩෙත් නණේ කැඩිල නේද
කෝච්චියේ එල්ලුනොතින් බනිසක් ගත හැකි ළමයට

Picture - Elena Bond, 1965, Russian

2 comments:

  1. කෝච්චියේ එල්ලුනොතින් බනිසක් ගත හැකි ළමයට
    ඒ කොහොමද?

    ReplyDelete
    Replies
    1. බස් ගාස්තුවලට වඩා කෝච්චි ටිකට් එකේ ගාන අඩුයිනෙ.. :)

      Delete