Thursday, February 27, 2014

Autumn Flowers


විල මත උදුලන සුරත් ඕලු පෙති අමුණා හුයකට පළඳා ඉඟ සුඟ
නෙළුමක් පැද්දෙන ළය ගෙන තාලෙට සුරංගනාවක් නටයි වලා මත
තබනා පා පොඩි සොලවා මිණි මිහි මවයි සිහිල් දිය ඌලත නී රළ
වසත් සමය පසු කළ පෙම් කුසුමක අරංගේත්‍රම වුවත් පහසු නැත

Picture - Nikita Fomin, Russian, Autumn Flowers

4 comments:

  1. මම මේ බ්ලොග් එකට එන්නේ කවි කියවලා ඊටත් වඩා ආසාවෙන් පින්තූර ටික බලලා යන්න...

    ReplyDelete
    Replies
    1. කවි කෙසේ වෙතත් අන්තිමට ලෝකේ හුඟාක් ඈත අහුමුළුවලින් හොයා ගත් 'සුන්දර මිනිසුන් අතින් නිමවෙන්නට ඇති' හිතෙන චිත්‍ර, ජායාරූප ටිකක් හරි ඉතිරි වෙයිනේ.. කවිවලටත් වඩා මමත් චිත්‍ර රස විඳිනවා..

      චිත්‍ර කියන්නේ අකුරු නැති කවි!

      Delete
  2. වසත් සමය පසු කරාට මොකද ඉතිං යාළු... හැම කුසුමක් ම වසත් කල පිපුනි නම් සරත් කාලය පාලුවට යාවි නෙව... ;)

    PS: ලස්සනයි! සිංහල මිස් 'සුරත් තඹරු පෙති සේ නෙතින්' කවිය කියාදුන් හැටිත් මතක් උනා.

    ReplyDelete