Saturday, July 14, 2012

සරසවි දේවී


සරසවි දේවී අමර අංගනී
සේකර වුවනී අම රස වදනී
ආසිරි දේවා දීපසිඛාවී
සරස්වතී දේවී වන්දේ
සරස්වතී දේවී

සජිත රජිත රූ දේහණධාරී
සුඛිත මුදිත ආලෝලන ලෝලී
සුලලිත නර්තන ධර්ම ප්‍රසාදී
පාරවින්ද වන්දේ පියභාණී

චන්ද්‍ර බිම්බ බල නේත්‍ර ප්‍රභාවී
නයන මූර්ති ශුභ ශෝභානාරී
මියැසි මියුලැසී උදුල ශාලිනී
පාරවින්ද වන්දේ රුචිරාණී

No comments:

Post a Comment