Tuesday, July 17, 2012







රෝස මල් ඉති ඉඹින
සපද කුසුමක් සමඟ
පෙම් කවියක් කොටා
හීන් මුතු අකුරින්
ඔබ මට තෑගි දුන්
කොට්ට උරය

මගේ නිවසට වී
ම'වත උතුරා හැලුණු
මල්කම් මැවූ ඔබ දකිනු වස්
මඟ බලා උන් - ඔබ තෑගි දුන්
කොට්ට උරය

නොනිමි කඳුලක ගිලී අද
පාට හේ බෑව ගිය
ඔබ තෑගි දුන් ලකළ
කොට්ට උරය..!!

No comments:

Post a Comment