එය මගේ වරදක්
නොවේ - ස්වාමීනී
ඇගේ කැමැත්තයි දෙවියන් වහන්සේගේ
'කැමැත්ත'
වූයේ...
එය මැ විය යුතු මනා ය
නීතියේ 'කැමැත්ත' ද
වැහි වැටි මොහොත
උණුසුම් රාත්‍රිය
මා නොවේ වරදකරු
ඒ දවස ම ය
එනමුත් පෙම්වත
වැහි පීලි දිගේ
උසාවියෙන් එපිට
ගලන්නේ
රුධිරය යි
රතු ම
රතු
වරද කා අත
කියනු මැන
ඔබ මැ
නොවේ - ස්වාමීනී
ඇගේ කැමැත්තයි දෙවියන් වහන්සේගේ
'කැමැත්ත'
වූයේ...
එය මැ විය යුතු මනා ය
නීතියේ 'කැමැත්ත' ද
වැහි වැටි මොහොත
උණුසුම් රාත්‍රිය
මා නොවේ වරදකරු
ඒ දවස ම ය
එනමුත් පෙම්වත
වැහි පීලි දිගේ
උසාවියෙන් එපිට
ගලන්නේ
රුධිරය යි
රතු ම
රතු
වරද කා අත
කියනු මැන
ඔබ මැ
"ඇය යි මා සමඟ
ආවේ
ඇය යි මට ආදරය කීවේ"
"එසේ ය සබඳ
ඔබ නිවැරදි ය.
මම යි ඔබ සමඟ ආවේ
මම යි ඔබට ආදරය කීවේ"
මා ඔහුට කීවේ ආදරය බව
සැබෑවෙනුත් සැබෑවක් ය
ස්වාමීනී
'ලකුණු කර ගනු මැනව
ඇගේ කැමැත්ත ය
නීතියේ කැමැත්ත'
නීතියේ කැමැත්තට
අනුව-
ඈ වනසා දැමූ හෙයින්
විත්තිකරු වන යුෂ්මතණන්
අතිපාරිශුද්ධවන්තයෙකු ලෙස
යෝජනා කරමු.
ඇය යි මට ආදරය කීවේ"
"එසේ ය සබඳ
ඔබ නිවැරදි ය.
මම යි ඔබ සමඟ ආවේ
මම යි ඔබට ආදරය කීවේ"
මා ඔහුට කීවේ ආදරය බව
සැබෑවෙනුත් සැබෑවක් ය
ස්වාමීනී
'ලකුණු කර ගනු මැනව
ඇගේ කැමැත්ත ය
නීතියේ කැමැත්ත'
නීතියේ කැමැත්තට
අනුව-
ඈ වනසා දැමූ හෙයින්
විත්තිකරු වන යුෂ්මතණන්
අතිපාරිශුද්ධවන්තයෙකු ලෙස
යෝජනා කරමු.
එකී යෝජනාව
සමාජ සම්මත
කරමු
අවසානයි
උසාවි වාරය
නැත. නැත..
එහෙත්
අවසන්ව නැත
පාරිශුද්ධ ඔබේ
දූෂිත පෙම්වතියගේ
හදවතින ගලන රුධිරය.
සමාජ සම්මත
කරමු
අවසානයි
උසාවි වාරය
නැත. නැත..
එහෙත්
අවසන්ව නැත
පාරිශුද්ධ ඔබේ
දූෂිත පෙම්වතියගේ
හදවතින ගලන රුධිරය.
No comments:
Post a Comment