Saturday, July 14, 2012

ඔබ එතැයි නෙත් අයාගෙන

කවුළුව විවර කරමි මම
හිරිකඩ පිපෙන උදෑසන
පෙරදිග අහස පුබුදුවා
ඔබ එතැයි නෙත් අයාගෙන
  පෙර දා උදෑසන ඔබ අතින්
පුබුදු වූ මල් කලස මිය ගොසින්
කඳුකරය පාළු ව ගොසින්

ගොපලු මියැසිය දුර ලෙසින්
ගල් ගැසී ඇත සීතල ද
ඔබ නොමැති වග මුමුණමින්
විලෙහි දිය රළ මුමුණනා
කවෙක පද
'කුරු වැළපෙමින්
ඔබ නො එන බව ඔබ නො එන බව

ඔබ නො එන බව කොඳුරමින්
Picture - Captured by me @ the Adisham Bungalow, Haputhale, Sri Lanka

No comments:

Post a Comment