Saturday, July 14, 2012

වළාකුළු වලට පයින් ගහන
අකුණු වලට බිය නොවන්න
ඔබේ මුව මැව් රිදී
සිතුවමට ඉඩ හරින්න

අකුණු පරයා නැඟෙන
ගැරහුමට බිය නොවන්න
ගහ කොළ අඹරවන හසරැලින 

  හඬ පලවා හරින්න

මුහුණට වැටෙන වැහි බිඳු
සෙනෙහසින් සිපගන්න
එපා වැහි දියට
සිහිනය දිය කරන්න

මහ හඬින් හඬා දුක
ලෝකයට නොකියන්න
දුක සොඳ කවෙක සඟවා
සුළඟේ පා කරන්න

No comments:

Post a Comment