Saturday, July 14, 2012

එපා යැයි අතැර ගිය
පෙම්වතෙකු වුව සිහි කර
අඳුරු මතකය වැළඳ සිටියා
එක් සොඳුරු යුවතියක 

වසරවල් ගුණ කර

නොකී පෙම වුව 

ජීවිතය විය
තවත් විහඟියකට

එ නිසා ඇසිය යුතු වෙයි

පඩිපත අතට දී 

සෙනෙහසින් සිප
ජීවිතේ සොඳුරු තැන්
කරා ඈ ගෙන ගිය

ජීවත්වන්නට ඉඩ නොලද
නිසා වෙන් වී ගිය
මිනිසෙකු වෙනුවෙන් 

ලිවිය හැකි වෙද
බජන් ගීයක්
මාසයක් තුළ

පිළිසකර කළ යුතු වුවද
මේ අජූ දෙය
මට අයිති නැත
ඇගේ දින පොත










No comments:

Post a Comment