Thursday, July 19, 2012

හෙටත් ඉර පායාද අහසට

Little Falls

අලුත් උපමාවක් හොයන්නට
අලුත් කවකට පද බඳින්නට
හෙටත් ඉර පායාද අහසට
හෙටත් ඉර පායාද අහසට

නොනිම් සිතුවිලි රොද බැඳී නොව
නිල දියක් සේ ගලා යන්නට
හෙටත් කතරට වැසි වසීවිද
තුරුණු හදකට පැතුම් දෙන්නට

වැසි ඉරා ඉර ඉරි නැඟේවිද
දේදුන්න පැහැ ලා පිපේවිද
පැතුම් ගිනි ලා අඳුර ඒවිද
ලොවක අනියත බව ලියාවිද

Picture - Tom Thomson, Canadian, 1877 - 1917

No comments:

Post a Comment