Saturday, July 14, 2012

අසඩැක් පුතේ උඹ ම එන තුරු
කල් දමමි මම මගෙ නඩුව

'පොච්චියේ මං ආවෙ
අතේ පනමක් නැතුව
මගෙ එසොඳ මුනුබුරා
මරා දැමු වරද අහන්ට

මගෙ අහිංසකයා
වතුරු උගුරක් දෙන්ට
හිටිය මගෙ මුනුබුරා
මහ රෑක පොලෝසිය
ඇවිත් ඇදගෙන ගියා
තව එකම සැරයක්
දැක ගන්න පින නැති වුණා

නඩුකාර හාමුදුරුවන්ගෙ බහ
තේරෙන්නෙ නෑ පුතේ
එව්ව හිංගල නොවේ මයෙ හිතේ
ඉතින් උඹ එනකම් ම
ඉන්නවා මං
වරෙන් අසඩැක් පුතේ
මගෙ අහිංසකයා කළ වරද අහන්නට









No comments:

Post a Comment