Saturday, July 14, 2012

මා නැති අඩුව මෙහි පුරවාලනු මැනව














මගෙ සී පද ගොලු වී මහ මඟ වැටිණ
හීතල හිම මලින ජීවිතය ම තෙමිණ
අහුලාගත් කෙනෙක් එය මහමඟ වැටුණ
මා නැති අඩුව මෙහි පුරවාලනු මැනව

ආ මඟ බොහොම නිහඬයි එනමුත් දුක ය
මා හදවත සිපගත් මිනිසුන් අඩු ය
යා යුතු මොහොත හැර සැඩ නිසරු ම දිවිය
ආවා මෙන් හැඟී මම ලියනෙමි කවිය

No comments:

Post a Comment