Saturday, July 14, 2012

වහුපැටි හිත


වෙල් එළියක තණකොළ
උලා කෑ වහුපැටි හිස
පිරිමැදි කල පෑ දයා
නැත මෙහෙව් පිරිමැදුම් මැඳුර

රන්මිණි'ලේප කළ
උන් කිව් වතක ඇඳ
සීතාම්බර සළු ගෙනෙන
මහතුන් වඩින තුරු ස්මරණ

සිත්පිත් නැති උන් ගත් පිරිමදිමු
මත් පිය තලන මවු සෝයුරු සිහි කරමු
නෙත සිලිලක් තැපැල් කර උන් වෙත යවමු
අප සිත් පිරි මදින වහුපැටි සිත් සොයමු

Picture - Dambulla

No comments:

Post a Comment