Friday, December 13, 2013

Don't hurt people, when you cannot understand them




ගිරග ඇමිණුණු ළසඳ
බිඳෙන් බිඳ මතු වෙනා
නිශා යම සීතලෙන්
සොඳුරු කවි අමුණනා

තිමිර පටලෙක සැඟව
බිඳි සිතින් වැළපෙනා
කුරවි ගී මැකී යයි
සිලිලාර සුළඟිනා

ගිරිශිඛර මත මැවෙන
මතක සම්භාවනා
බිඳ දමයි බිඳි හඬින්
බිඳුණු හද ගායනා

තැනිතලා මත ඇමිණ
ළය හොවා වැළපෙනා
මතක පිනි බිඳ මැවෙයි
දේදුන්න රස මනා

නුඹ හොවා මුදු ලෙසින්
බිමෙනි කටුසර මුදා
සතපවමි පුළුන් පෙඳ
හදෙහි සිප සනසවා

Picture - 'Brokeback Mountain' Movie

3 comments:

  1. ඔය දැරිවි පුළුවන් නං ලියනව බලන්න ගේය පද රචනයක්.. මම තනුව දාන්න...

    ReplyDelete
    Replies
    1. මෙ වර සංගීතඥයෙක් වී ඇති හැඩයි..

      කඳු ගී ලේබලය බලා ඕනෑ තරමක් ගේය පද රචනා තෝරාගන්න. :)

      http://amaleymunasinghe.blogspot.com/search/label/%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%20%E0%B6%9C%E0%B7%93

      Delete
    2. ඒක දැක්කෙම නැහැ නෙව.. හරි හරි.. බලන්නං තැන්කුයි

      Delete