Wednesday, December 4, 2013

මම ඉන්නවා නෑහුණ වගේ



නගරය මැදින් පැන පැන ඇවිත්
සඳ විමසනව වගතුග මගේ
මගෙ ජීවිතේ 'මාවක ඇවිත්
මම ඉන්නවා නුදුටුව වගේ

නෙලු මල් ගඟේ
ගෙන ආවෙමි
මා වට කරන් පිපිලා නඟේ
මේ කුළු දිගේ
ආවොත් නැඟී
ගෙන යන්නෙමී දේදුනු මඟේ

මම ඉන්නවා නෑහුණ වගේ

බැදි ලඳු පුරා මුව බිව් අමා
පසළොස්වකේ මිහි අතුරලා
සලමින් වලා කිංකිණි සලා
කඳු මුදුනකට නොම යමි පලා

මම ඉන්නවා නෑහුණ වගේ

Picture - wallpaperscraft.com

No comments:

Post a Comment