Thursday, December 5, 2013

පා ලකුණු


ගිගිරි නද මෙන් දොළක රළ මත
මතුර මතුරා නැඟෙන ගී පද
මිතුර නුඹ ගිය දුරක තරම ද
තනි මගෙන් විමසන්නේ

ගැහැට විඳ විඳ උදා සතර ද
රැගෙන ඇය ගිය පා ලකුණු තව
මැකී නැත ගං ඉවුරු වැලි මත
උදා වූව නන් විධ උදෑසන

පන්හිඳද බර වැඩිලු නගරෙට
ගින්දරද මැලවේලු හරියට
ගොපලු කොලුගේ බට නළා හඬ
පතන වහු පැටි හිතලු තනි ව ම

Photo © copyright by Erik Stensland
Source - magesofrmnp.com/photo/stone-flower-stream/

No comments:

Post a Comment