Tuesday, December 17, 2013

ඔබට අවුරුදු එනවද?

Life in a Tea Garden - Bogawantalawa, Central

මොට්ටුවෙන් ලේ පෙරෙනවද
ගඟ ගලල දෝරෙ යනවද
තෙයිවානෙයි මේ විදිහට
ඔබට අවුරුදු එනවද?

පෑ වියැක ගිය සාරියේ ඇණි
කැලෑ තුත්තිරි මල් ලිහා
මල් පිපුණෙ නැති කණ කරත් ඈ
සිනා විය සින්නට තබා

බංගලාවෙම බංග වුණු මල්
පැතුම් පොදි හිස මත තබා
පොඩි කෙලී ගිය ගමන සිහි වී
පින්න මල් සැලිලා ගියා

Picture - by Hemant Buch
Source - trekearth.com

2 comments:

  1. //පෑ වියැක ගිය සාරියේ ඇණි
    කැලෑ තුත්තිරි මල් ලිහා//

    මේ අපි ඉස්කෝලේ යන කාලේ නිතර දුටු දසුනකි.
    අගේ ඇති කවියක්.

    ReplyDelete