Friday, December 6, 2013

මුව පැංචයි - වලහයි


mule deer, photo
(Photo © copyright by Erik Stensland)

වලහෙක් දැකලා මුව පැංචා
ඇස් ලොකු කර බැලුවා
මල්වලටයි මං හරි ම කැමති
වලස් හාමි කිව්වා


(By: Paul Nicklen, http://www.allposters.com/-sp/A-Young-Grizzly-Bear-Ursus-Arctos-Horribilis-Smells-a-Flower-on-a-Side-Stream-of-the-Brooks-River-Posters_i3603255_.htm)

හරි ම හොඳයි යාළු - හා හා
නුඹ මං වාගේලූ
මලක සුවඳ විඳි පුංචි ළමයි
මල් මල් වාගේලූ

අපි චක්ගුඩු පනිමූ - එහෙනම්
චක්කරේත් ගණිමූ
පාඩම් කළොතින් අපෙ අම්මා
හරි ම සතුටු වෙනවා

ගුඩු ගහන්න කැමතියි - මං නම්
කොටු පනින්න කැමතියි
ගඟේ නාන්න මීවද කන්න
හරි හරියට කැමතියි

ඒක බොහොම නරකයි - යාළු
ඒක බොහොම නරකයි
අන් සතු දේ සොරකම් කෙරුමට
මට නං හිත දෙන් නෑ

බිඳෙන් බිඳ ගෙනැල්ලා - මල් පැණි
හෙමින් හෙමින් පුරවා
තැනූ ගෙයක් කඩලා සැනසුම
තිබේද මගෙ මිතුරා

පැංචෝ මට තේරේ - ඒ වග
කවුරුත් නැහැ කීවේ
හොඳ යාළුවො කවුරුද කියලත්
මට හොඳ හැටි තේරේ

No comments:

Post a Comment