Monday, December 30, 2013

අකුණ


බුබ්බුලාකාර අහසක තප්පුලන වෙළෙක හී ගඩු
සම්බුලා දේවි හිස මත උදුරන් වැටුණයි
මංමුලා වගේ කඳු හිස බැසන් ආ සුරතු තිලකය
කන් තලා ඇදුණු අකුණට උදුරන් වැටුණයි

වක්කරන් බීපු තේ එක කප්පරක් කඳුළු ඉහුවද
සක්කරා රසටවත් දුක් ඇබින්දක් මැකී වැටුණද
අප්පලා නොමැති දරුවන් එක්කලා බිමට වැටුණද
උත්පලා නයන ලවණෙක ගිලිහුණු දේවී

විස්තරා ඇතත් කොච්චර සිත් තලා නැඟුණු පාපිලි
රොස් පරොස් මිසක ගීයක් හද තතක වැදී ඇසුණද
සිප්පරා කොටන් මත හිඳ බිත්තරා සිහින වැළලුව
අන්තිමට කඳුළ දුටු යකු හූවක් දීපී

Picture - Sarah Moon, English/French, Born 1940

1 comment:

  1. ස්තූතියි සොයුරිය.. ඔබටත් සියලු යහ පැතුම් ඉටුවන සුන්දර ම අලුත් අවුරුද්දක් වේවා!!

    "කල් වැසි වසීවා – කෙත් වතු සාර වේවා
    සත් සිත නිවේවා – රජය දැහැමිව ලොවැඩ වේවා ! ! !"

    ReplyDelete