Friday, September 6, 2013

අල්ලස්

නිමිත්ත - පළමු වසරට දරුවා ඇතුළත් කර ගැනීමට දරුවාගේ මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ විදුහල්පතියෙකු අත්අඩංගුවට

විදුහල්පතිවරයා
වර ලකුණ ඉවත හරිමි
මිනිස් ගණ අවර කුණ දැක

මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවකට සහභාගි වී සිටියදී කාන්තා අයිතිවාසිකම් ගැන එක පිරිමි නීතිඥවරයෙකු විසින් මෙසේ කියා සිටිනා ලදී.
"ගැහැනු අයට නම් ඕන දෙයක් කරගන්න පුළුවන්නේ ඇඟ පාවිච්චි කරලා..ඒ ගොල්ලො රස්සාවල් ගන්නවා... ළමයි ඉස්කෝලෙට දා ගන්නවා.." තව ලැයිස්තුවක් ම ඔහු විසින් කියනු ලැබිණි.

අප එ දින අසා සිටියේ, 'එය ඇයට වාසියක්ද.. අවාසියක්ද' කියා යි. "එය ඇයට වාසියකි." කියන ඔහුගේ මතය වෙනස් කිරීම ඉතා අසීරුකාරී විය.

එසේ යම් යම් දේවල් ඇය ලබා ගන්නේ නම්, එය ඇයට අප්‍රසාදජනක අවාසියක් මිස අන් කවරක්ද?

අනෙක් අතට, ඔවැනි කොටසකට අයත්වන කාන්තාවන් සිටී නම්, ඒ සුළු කොටසක් විය යුතු යැයි මට සිතේ.
___________________________________________________

විප්ලව යනු මොනවාද? තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම පවා විප්ලවයක් විය හැකි බව මම විශ්වාස කරමි. මන්ද, එය යටත් පිරිසෙයින් වැරැද්දෙහි නියැලීමට සමාජයේ පුද්ගලයන් තුළ බියක් හෝ ඇති කළ හැකි බැවිනි. නීතිය නව මානයකට ගෙන යමින්, නඩු තීන්දු නීතිය අලුතින් ලිවිය හැකි බැවිනි.

මෙහිදී, ඇය අල්ලස් කොමිසම වෙත යමින් තමාට කළ හැකි දෙය කිරීම වෙනුවෙන්, සමාජයීය කොටස්කරුවන් වශයෙන් අප ද ස්තූතිවන්ත විය යුතු යැයි මට සිතේ.

මතක තබා ගන්න, අල්ලස් ලබා ගැනීම මෙන් ම ලබා දීම ද ශ්‍රී ලංකා නීතිය යටතේ වැරැද්දක් වේ.


"අල්ලස් පනතට අනුව අල්ලස් දීම ද අල්ලස් ගැනීම මෙන් එක හා සමානව දඩුවම් ලැබිය යුතු වරදකි.

නමුත් අල්ලස් දුන් තැනැත්තා පැමිණිලිකරු වන අවස්ථාවේදී නීතිය එම තැනැත්තා වරදකරුවකු ලෙස නොව අල්ලස් ඉල්ලන්නාගේ ගොදුරට ලක්වූ අහිංසක පුද්ගලයෙකු ලෙස සලකනු ලැබේ.

කෙසේ වුවද යමෙකු අල්ලස් ඉල්ලා සිටින්නේ නම් අල්ලස් දීමට පෙර ඒ පිළිබද පැමිණිලි කිරීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයයි."

අල්ලස් සම්බන්ධයෙන් ඔබ පැමිණිලි කළ යුත්තේ කෙසේද?
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පුද්ගලිකව පැමිණීමෙන්, ලිඛිතව, ෆැක්ස් මගින් හෝ දුරකථනයෙන්

ඔබට මේ සම්බන්ධ පහත දැක්වෙන නඩුතීන්දුව වැඩි දුර කියවා බැලිය හැකි ය.

KATHUBDEEN v. REPUBLIC OF SRI LANKA, 1998SLR3V107

11 comments:

  1. ලිපියේ සඳහන් පිරිමි නීතිඥයාගේ කතාව නම් පිරිමි සංහතියට ලැජ්ජාවක්. මම එතන හිටියා නම් මම අහනවා " ඔහේගේ නෝනා මට දෙන්න බැරිද සති දෙකකට " කියලා..

    ReplyDelete
  2. බැරි වෙලාවත් මේ රටේ ලිංගික අල්ලස් පිළිබද නීති රීති නොතිබුනොත් මොකද වෙන්නේ? ඒ ගැන ඔබේ අදහස කුමක්ද

    ReplyDelete
    Replies
    1. නීති රීති තිබුණත්, මෙයාකාර රටක නොතිබුණොත් තත්ත්වය ඔබට ම හිතා ගත හැකි යි.. නීතිරීති තිබුණත් මිනිසුන්ගේ භාවිතාවෙත්, නීතිරීති භාවිතාවෙත් ප්‍රායෝගික ගැටලුත් තිබෙනවානේ.වෘත්තීයමය වශයෙන් නම්, නීතිමය හිඩැස් ඇති විට, වෙනත් නීතියකින් හෝ සහය ලැබිය හැකිදැයි සොයා බැලිය හැකි යි..

      ඇත්තට ම යහපත් මිනිසුන් පාලනයට, නීතිය, ආගම් වැනි දේවල් අවශ්‍ය නැහැ.. ඒ අයගේ නීතිය වන්නේ තමන්ගේ හෘද සාක්ෂිය ම යි.. ඒත්, කිසි ම දෙයකින් පාලනය කළ නොහැකි අය සඳහා යම් පාලනයක් ලෙස නීතිය අවශ්‍යයි.

      Delete
  3. අල්ලස ඉතාම දරුනු විදියට සමාජගතවෙල ඉවරයි.සමහර වෙලාවට මිනිස්සුන්ට අමතකයි මෙ කරන්නෙ අල්ලස් දිමක් කියල.

    ReplyDelete
  4. //විප්ලව යනු මොනවාද? තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම පවා විප්ලවයක් විය හැකි බව මම විශ්වාස කරමි. මන්ද, එය යටත් පිරිසෙයින් වැරැද්දෙහි නියැලීමට සමාජයේ පුද්ගලයන් තුළ බියක් හෝ ඇති කළ හැකි බැවිනි. නීතිය නව මානයකට ගෙන යමින්, නඩු තීන්දු නීතිය අලුතින් ලිවිය හැකි බැවිනි./////

    කඳු.....ඔබගේ මෙම අදහසට මම අතිශයින් ගරු කරමි.

    ReplyDelete
  5. ඇය ඒක කැමැත්තෙන් කරන එක්ක නෙවි. පූරැවේ පිනකට ලස්සන ලැබුනම ඒක කරුමයක් කරන්න බලා ඉන්න අධමයෝ...දැන් උන් ගන්නේ ලිංගික අල්ලස් විතරයි.

    ReplyDelete
  6. http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=17284:2013-09-07-07-00-35&catid=48:2012-04-02-08-50-52&Itemid=75

    ReplyDelete
  7. හයියෝ හයියෝ..... එකම එක ලිංගික අල්ලසක් සීන් එකක් කාලෙකට පස්සේ ලීක් උනාම කට්ටිය බොහොම කලබල වෙලා නේද.ලිංගික අල්ලස් දීම් මේ රටේ එදිනෙදා සිද්දවෙන සාමාන්ය සිදුවීමක් විදියටයි මම නම් දකින්නේ.මගේ අදහස හැටියට ලිංගික අල්ලස් දීම් අකමැත්තෙන් සිදුවන ප්‍රමානය ගොඩක්ම අඩුයි.බහුතරයක් සිද්දවෙන්නේ කැමත්තෙන් සහ මුලින් අකමැතිවී පසුව කැමතිවීම මගින්.කොටින්ම ටෙලිනාට්‍යක් උදාහරනයට ගමු.නිලියකට අඩුම තරමේ එක රැයක්වත් අධ්‍යක්ශක සමග නිදිවැදුනොත් ප්‍රදාන චරිතය ලබා ගන්න එක ඉතාම පහසුයි.අකමැති වෙලා එහෙම නොකලොත් වෙනත් නිදිවැදුනු නිලියකට ප්‍රදාන චරිතය හිමි වෙනවා.ඉතින් මේ සිස්ටම් එක අතුලෙ ජීවිකාව කරගෙන යන්න නම් නිලියකට නිදිවදින්න ස්වාභාවික පෙලබවීමක් සිස්ටම් එක ඇය මත ප්‍රේරනය කරන්නෙ නැද්ද.ජෛව විද්‍යාත්මක කාරනයකුත් මෙතනදි බලපාන හින්දා වැඩේ අදුරගන්න එක බොහොම සංකිර්නයි.මේවා "අල්ලස් දීම්" විදියට වඩා සමාජයට යන්නේ "ස්ත්‍රී පුරුශ ලිංගික සම්බන්දතා" විදියට.ඉතින් මේව ඔප්පුකරගන්න පුලුවන් වෙන නිශ්චිත නෛතික රාමුවක් හදන එක කරන්න බැරි වැඩක්. නීතියට කොටු උනොත් කොටු වෙන්නේ පිරිමින් ගැන හිතල බැලුවාම ඇත්දැකීම් අඩු මෝඩයෙක් විතරයි.කෙසේ හෝ මුදලින් සිදුවන අල්ලස් නැති කලත් ලිංගික අල්ලස් කියන කාරනාවනම් නැති කරන්න බැරි තරමට බොහෝම සංකිර්නයි.ඉතිහාසය ගත්තොත් මිනිස් ශිශ්ඨාචාරය ආරම්භයේ සිටම ලිංගික අල්ලස් දීම් සිදු වෙනවා කිව්වොත් සාධාරනයි.මුදලම මූලික කරගත් ධනවාදී සමාජ ක්‍රමය තුල සදාචාරය සහ මිනිස් ආචාරධර්මයන් පැවතීමේ ඉඩකඩ ඉතා සීමිතයි.කොටින්ම මේ සිස්ටම් එකේ මුදලින් මැනිය නොහැකි දෙයකට "පවතින්න" අමාරුයි.මෙතනදි අපි පුදුම වෙන්න ඕන ලිංගික සම්භන්දතාවය ඔය විදියට නොවිකුනුනොත් තමයි.සත්‍යය අසීරුයි සහ කටුකයි.

    ReplyDelete
    Replies
    1. මේ දේ මමත් හිතුවා..
      කිසි ම වැදගත් කාන්තාවකට තමාට මොන දේ අහිමි වුණත්, ඉන් පසු ව ජීවිත කාලය ම දුෂ්කර ව කම්කටොලු මැද ජීවත්වන්න සිදු වුණත්, තමාගේ ගරුත්වය විකුණන්න හෝ බද්දට දෙන්න බෑ කියල මමත් අවිවාදයෙන් ම පිළිගන්නවා. මැරුණත්..!!

      හරියට ජීවත්වෙන කෙනා නිහඬ ව අයින් වෙනවා හෝ එරෙහි ව සටන් කරනවා කියල මට නම් ප්‍රතිඥා දිය හැකියි..

      මේ විදිහට කටයුතු කරන කාන්තාවගෙත් මොන මොන හරි අඩුපාඩු, මානසික තත්ත්ව තිබිය හැකියි කියලයි මම හිතන්නේ.. යටත් පිරිසෙයින් නැඹුරුවක් හෝ.. ජුගුප්සාසහගත බව පිළිබඳ අකර්මණ්‍ය තත්ත්වයක් හෝ..

      සමහරු ඔබ කියන ආකාරයට බලෙන් දෙන අයත් ඉන්නවා.. ඒ අය ලේසියෙන් පඩි පෙළ නැඟන් යනවා... මේ අය ඇතැම් විට සුදුසුකම් හිඟ අය වෙන්නත් ඇති... කොහොම වුණත් අධ්‍යාත්මික වශයෙන් දියුණු කෙනෙක්ට ඒක කරන්න ම බැරි දෙයක් කියලයි මමත් හිතන්නේ...

      ඒත්, මෙයට දුක්ඛදායී ව්‍යතිරේකයක් ලෙස 'මලීනා' ඉතාලි චිත්‍රපටිය බලන්න කියලත් මම ඔබට ආරාධනා කර සිටිනවා...

      ස්තූතියි, ඔබේ දිගු සටහනට.

      Delete
    2. මර්ලිනා ෆිල්ම් එක මම බලල තියනවා.හිතට වැදිච්ච පට්ටම ෆිල්ම් එකක්.ඇයටත් පවතින ක්‍රමය මගින් පටවන ලිංගික බලහත්කාරකම් වලට ස්වකීය හර්දසාක්ශියට එරෙහිව ගොස් යටත් වන්නට සිදු වෙනවා.මේ කතාවම තමයි මමත් කිව්වේ.

      "කොහොම වුණත් අධ්‍යාත්මික වශයෙන් දියුණු කෙනෙක්ට ඒක කරන්න ම බැරි දෙයක් කියලයි මමත් හිතන්නේ."

      අපි කතා කරන්නේ දියුනු මිනිස්සු ගැන නෙවෙයි.සාමාන්‍ය මිනිස්සු ගැන.පවතින ක්‍රමය විසින් නොදැනීම විනාශ කර දමන සමස්ත ජනතාව ගැන.ලිංගික හැගීම් වැනි ප්‍රාතමික මිනිස් අවශ්‍යතා ගන කතා කරනවිට නිශ්චිත රාමුවකට කොටු කරන්න බැහැ.කොටින්ම දියුනු මිනිසුන් සහ නොදියුනු මිනිසුන් ලෙස පවා එය වර්ග කරන්න බැහැ.එය සෑම විටම එක් එක් පුද්ගලයාට සාපෙක්ශයි.එය අතිශයිම මානුශික හැගීම් මත පදනම්ව කතා කලයුතුයි.මට තවදුරටත් දෙශපාලනික ඇසකින් ඔබ සමග මේ සංවාදය ගෙනයන්න බැහැ.ඔබ අතිශයින්ම මානුශික සහ සංවේදී කාන්තාවක්.මා ඒ පිලිබඳව ඔබට ගරු කරනවා.ඔබ වැන්නවුන් මුනගැසීමත් සතුටක්.ස්තූතී.

      Delete
    3. ඔබ ඉන්නෙ බොහොම දියුනු මානුශික චින්තනයක් සහිත සින්තටික් ලෝකයක කියල හිතෙන්නෙ නැද්ද. මාත් ඉන්නෙ ඔය ලෝකෙම තමයි. ඉතින් මේ කතන්දර දැක්කම දැනෙන්නේ මහ වේදනාවක් නේද.ඇත්තටම අපෙ රටේ ඉන්නෙ අසරන මිනිස්සු මිසක් බුද්ධිමත් මිනිස්සු නෙවේයි.අය ඉන්නවනම් ඒ ඉතාම සුලුතරයක්.අපි ඔවුන් ගැන කතා කලයුතු නැහැ.අපි සෑමවිටම කතා කල යුත්තේ මේ කාලකන්නි සිස්ටම් එකට ගොදුරු වෙන මිනිස්සු ගැන.කොටින්ම ලිංගික අල්ලස් අකමැත්තෙන් ප්‍රතික්ශේප කරන , ලිංගික අල්ලස් කැමත්තෙන්ම දෙන, අකමැත්තෙන් හෝ ඊට එකඟ වෙන සියලුම පාර්ශව දෙස අප බලිය යුත්තේ එක හා සමාන දයාවකින් බවයි මගේ අදහස

      Delete