Thursday, September 5, 2013

ඔබ ව මට හමුවුණා චන්දරේ - චන්ද්‍රකුමාර වික්‍රමරත්න


''භූ ගත ගරිල්ලෙක් සිටීනම්
ඌ...,
වේස ගෑණියකගේ පුතෙක් නම්,
ලොව ඇති උත්තම ප්‍රේමය ද
ලොව ඇති දරුණුතම වෛරය ද
තිඛෙන්නේ ඒ රහස් හදවතේ ය....''


- චන්ද්‍රකුමාර වික්‍රමරත්න

භුගත සිත ඔබේ නොව මගේ ය
ඔබ සිටි බවවත්
ඔබ නැති බවවත්
මෙතුවක් කල් නොදැන උන්
චන්දරේ ඔබ මට හමුවුණා

අගුලු ලා ඇති ඔබේ කවි
අගුපිලෙහි ඇති ඔබේ කවි
කඳුළු මෙන් හැලෙනවා කවි
අඳුරු රැයකදි සඳ පහන වී
හමු වුණා මිණි ඔබේ කවි

ලේ පාට කවියක් ව
රතු රෝස මලක් තුළ
නුඹෙ හුස්ම හාදු දී
වැළපුවා මගේ හිත

චන්දරේ ඇඬුව මං
කුසගින්න වුව කවියක්ද මෙතරම්
මවුවත් සඳත් බැසගිය අහසින්
සිලිලාර පැන් පොදක්
සොයා ගමු කෙලෙසින්
නොහිතා ම දෙතුන් වර
ආදරේ හදකින්

ඔබේ ආලය ද වෛරය ද විප්ලවය ද මඟ බැලූ අපේක්ෂාවන් ද මගේ හිත පිරිමදියි. මහත් දයාවෙන් හිත පිරී යයි. ඉගැඹුරු ස්නේහයකින් යුතු ව නුඹ කියැවීමි. නුඹ වැනි දරුවන් අදත් ලොව තුළ සිටිනු ඇත. එහෙත්, ඔවුන්ට අත දෙන්නේ කෙසේදැයි මම නොදනිමි.

ඔහු මෘදු නිර්ව්‍යාජ හදවත වැඩිදුර කියවනු පිණිස;

"ඔහු ළඟ කවදාවත් සල්ලි තිබුණේ නැති බව මම දන්නවා. තවත් දවසක් ඔහු “ලක්මිණ” කාර්යාලයට ආවේ මල්පෝච්චි කීපයක් කරේ තියාගෙන. නෙල්සන් අයියගේ කඩෙන් එවා තිබූ පරිප්පු හා මුකුණුවැන්න මැල්ලුම් පාන් සමඟ කමින් එදා අපි කට්ටිය මොනතරම් ආශ්වාදයක් ලැබුවාද? තවත් දිනෙක ඔහු අපි සිටි මත්තේගොඩ නිවෙසට ඇවිත් අම්මාට සුවඳ දුම් පැකට් දෙකක් දීල තිබුණා. අම්මා කොතරම් බලකළත් සතයක්වත් අරන් නැහැ.
ඔහු කාලයක් මාළු විකුණූ බවත් බස් රථවල කවි, විරිදු ගායනා කළ බවත් මම දන්නවා. ඒ ගැන ඔහු කතා කළේ මහත් සතුටකින්. ඒ කතා අසාගෙන සිටි මගේ ඇස්වලට කඳුළු ආවත් ඔහු ඒවා කීවේ සිනාසෙමින්. ඔහු නිර්මාණවලට පාවිච්චි කළේ ගොරහැඩි රළු වචන. වානේ මෙන් වූ ඒ වචන ලියූ ඔහුගේ හදවත මල් පෙත්තක් වගේ මෙළෙක් බව මම හොඳින් තේරුම් ගෙන සිටියා."

http://www.silumina.lk/2009/09/27/_art.asp?fn=af0909277

http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=299

4 comments:

  1. චන්ද්‍රකුමාර වික්‍රමරත්න....උඹ අපේ කාලයේ වීරයාය.සුනිල් අයියා,රෝහිත භාශන උඹලට මතකද මෙහෙම එකෙක් හිටියා කියලා, නැත්නම් මෙහෙම එකෙක් නැත්තටම නැතිවුනා කියලා.නොදෝමකින් අපිත් ඒ කාලෙම නැතිවෙලා ගියානම්?????????????????????????

    ReplyDelete
  2. ඔහු හමුවුණේ මටත් මේ සයිබර් අවකා‍ශයෙදි.... අභෞතික ශරීරයක නිම් නොවන ස්නේහයෙන් මල් සුවදක්ව සැරිසරමින් සිටිද්දී....

    මේ සටහනත්... කවි පදත් හිත ‍පිරෙව්වා.. නොදත් නමුත් උත්තම මිනිසෙක් බව නිසැකයි...

    ReplyDelete
  3. සයිබර් අවකාශය තුළින්ම පමණක් දැන අදුනා ගත් අපූරු මිනිසා...

    මේ කවි පෙළත් අදහසත් අපූරුයි.. අභෞතික ශරීරයක ඉදන් උණත් ඔහු විහිදුවන මනුෂ්‍යත්වයේ සුවද කොයි තරම්ද කියල පැහැදිලි කරනවා... අපූරුවට

    ReplyDelete