Tuesday, September 3, 2013

නවතිනු!

Todd A. Williams, Wandering Italy

උණු ව වැගිරෙන්නට තනන හදවත
නවතිනු!
අන් හදක දුක දුටුව පමණින්
ඔබේ අත කෘශ ය දුබල ය
දිගු කරනු පිණිස

තරුවක් හැඬූ පමණින්
හැකිද සමුද්‍රාවකට
වැළපෙනු මිසක
වෙනයම් කිසිත්

ඔබට හැකි නම් එ වැනි
මෙලොව ඉතිරි ව නෑ නොවෙද දුක
එ වන් දුක දැක කඳුළු සලමින්
වැළප නවතිමි නිහඬ ව ම මම

Picture - Todd A. Williams, American

3 comments:

  1. මෙහි යටි අරුත කිම.....
    පවසන් සබඳ...

    ReplyDelete
    Replies
    1. නොපවසමි
      එය දනී නුඹ..

      Delete
    2. අනුමාන කළෙමි එය.

      Delete