"සිදාදියෙන් ආපහු මගෙ
ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ"පාර මතක තිබුණත් ගම
- මහගම සේකර
එන්නට බැරි දූවරු ඇත
සේකර මාමේ උන් හිස
පළඳනවද වනපස මල
හදින් හදේ මලක සුවඳ
සුසුමක් සේ උරාගන්න
අරණ අතර නිසසල බව
සිතින් ගතින් දරාගන්න
ගම එන්නට පාර නැතත්
දෙනවද සුදු වන පස මල
අකුරුවලින් කවි කරලා...
Picture - Igor Medvedev
සේකරයන්ට ගම ගැන තිබුනේ හරි අපුරු ලෙන්ගතුකමක්.. මේ කවිය බලන්න.
ReplyDeleteසිදාදියෙන් ආපහු මගේ
ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට් දැන්
පාර මතක නැත්තේ
ඉතිරිව ඇති සුළු වස්තුව
රැකගෙන ආපහු එන්නට
ඈත ඉඳන් අතවනලා
අම්මේ මට ගමට එන්න
පාර කියාපන්නේ
----මහගම සේකර---
ඒ ගම සුන්දරයි නගරය අවුල් කියන එකට වඩා දෙයක් නොවේද
ReplyDeleteow..
Delete(ඉහත comment දෙකම එකකි)
Deleteගම නගරය කියල බෙදන්න බැහැ මිනිස්සු ගම කියල තේරුම්ගන්නේ තමන් හැදුන පරිසරය. ඒ අර්ථයෙන් නගරේ කෙනකුට නගරයත් ගමක්. ඒක ඇතුලේ තමන් ජීවත්වුන රටාවට තියෙන ලෙන්ගතු කමට තමයි මිනිස්සු පෙම් බඳින්නේ
එකඟයි..
Deleteදැන් ගමත් එන්න එන්න වෙනස් වෙනව නේ....
Deleteමට ගමට එන්න...ගමට එන්න
ReplyDeleteකුරුළු පිහාටුවක් එවන්න....
පොඩි මල්ලි අතේ....අනේ අම්මේ
කුරුළු පිහාටුවක් එවන්න....................
ගමෙන් නගරෙට ආපු බහුතරය ගම ගැන අමුතුම සින්තටික් සුන්දරත්වයකින් කතා කරනවා.....
ReplyDeleteනමුත් ගමේ සුන්දරත්වය පිටුපස සැඟවිලා තියෙන්නෙ අතිශය කටුක බවක් පමනයි.
"ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ"
නමුත් සේකර ඔය කවියෙන් කියන්නේ නගරයේ තියන කටුක බව ගැන.නගරයේ පවතින විශම වූ සංවර්ධනයෙන් පීඩාවට පත්වෙමින් , සිරවී සිටීමට සිදුවන නාගරික ජීවිත ගැන.ඔය කවිපන්තිය සෑහෙන ගැබුරකට ගලාගෙන යන එකක්.
ඉතිරිව ඇති සුළු වස්තුව
රැකගෙන ආපහු එන්නට
ධනේශ්වර සමාජ ක්‍රමය විසින් 'මුදල' තුල මිනිස් ජීවිත කෙතරම් සිර කර තබනවාද යන්නයි සෙකර මේ පවසන්නේ.
අවාසනාව නම් "ධනේශ්වරය" මේ "සමබර සංවර්ධනය" නොහැඳිනීමයි.එය ගම සහ නගරය දෙකම විනාශකර දමනවා.ගම සංවර්ධනය විය යුතුයි.සමබරව සංවර්ධනය විය යුතුයි.