Monday, September 9, 2013

අකුරු මැකුණු ලියුමක්

Lesser Ury, Couple Walking in the Woods

තැනින් තැන බිඳී ගිය
පාට පැල්ලම් වගේ
තැන තැන අකුරු විසිරුණු
මැකුණු ලියුමක් තිබේ
තැනෙක පොත්ගුල් පෙට්ටියේ

ඇවිද ගිය කඳු මං
ගිම්හාන මේපල් පත්
උස ම උස බර්ච් ගස්
සුසුවඳ පවා කැටි වුණු

කාවන් කා ඇත තැනින් තැන
මිහිරි රස ගුලි වුණ නිසා විය හැක
ඒත් උන්ටත් දැනෙන්නැති
පසු ව මුහුවුණු ලුණු රස

ඔව්, එහෙම වෙන්න ඇති

Picture - Lesser Ury, German, 1861-1931

2 comments:

  1. මෙය සොඳුරු උයනෙකි
    නොමද කව් රස වෑහෙන
    ඉසිඹුවක් ලද සැනින්
    යලි යලිත් එන්නෙමි

    ReplyDelete
    Replies
    1. අතිමහත් වැනුමෙකි
      මල් සපිරි සුවඳකි
      එකින් එක නෙළා මල්
      කතර මත අමුණමි

      Delete