Tuesday, January 22, 2013

මා පාළු පාරක්



මා පාළු පාරක්
රිසිද එහි ඇවිදින්න
මිනිස් අතින් ගිලී මිදී
කඳු මුදුන් අතර සැඟ ව යන
වැස්සට හිස නමා තෙමෙන
ඉළු අතර නැඟුණු
තුඟු විසල් ගල් කුළුණු
අතර සැඟවී සිටින
ප්‍රේමයක රුදු කඳුළු
නුඹේ රන් රෝස මල
ළමැද සඟවාගෙන
කිරල හඬකින් සලිත වන
ඉතින් ඒ මගේ හැටි
නිසල බව ගිලෙන
රිසිද එහි ඇවිදින්න

pic. -sphynxz.deviantart.com/art/Mountain-road-200064888

1 comment: