Friday, March 7, 2014

සමරක අමොඳය



හද මත නිම් නැති නිලුපුල් බඳුනක
සමරක අමොඳය පිරිලා
බිඳ බිඳ හඬ සෙලවුණු ගිගිරක නද
සවන පුරාවට එතිලා

නිලුපුල් බඳුනක
සමරක අමොඳය පිරිලා

සන්ධ්‍යා සමයයි එළඹැත්තේ
සොඳුරිය උණුසුම කිම නැත්තේ
ඔබගේ හදවත රසයෙන් මුසපත්
තේ බඳුනට ඉඩ එළිපත්තේ
සොඳුරිය කිම ඔබ තව නැත්තේ

Picture - Suad al-Attar (Iraqi, Contemporary, b. 1942): Couple with a Bird of Paradise, 1996. Oil on canvas, 35.5 x 45.7 cm. Private Collection

7 comments:

  1. සිතට සුවයක් ගෙනාවා මේ කවි පෙළ ."."සමරක අමොදය' කියන්නේ මතක අමෘතයද කදු?

    ReplyDelete
  2. සමරක අමොදය යනු කිමෙක්ද

    වැව් ඉස්මත්තටත් ගොඩවන ලෙසට ඇරයුම්

    http://wewismatha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මතකයක සුවඳ..

      පැමිණියෙමි මම..
      අගේ ඇති සිතුවම් දිටිමි
      බොහො දනා ලියා ඇති බැවින්
      කිසිවක් නොලීමි

      Delete