Thursday, March 6, 2014

ඔබෙන් මා මුදා ගත නොහැකි ව



ඔබෙන් මා මුදා ගත නොහැකි ව
උරණ වූහ මා යෙහෙළියෝ එකල්හි

සියල්ල වෙනස් වී අද
ඔවුහු කිසිත් නැත අසල
තැන තැන විසිර ගොස් අප
එහෙත් මගෙ හද මත
ඔබට පිදු පෙම තවම
ලියලයි අක්කපාන පතක මුල් මෙන්

එඬරු බිඳකවත් කහටක් නැති හෙයින්
සුදු ව ගිය කළු ලෑල්ලෙහි
ආදරය හැර මට
කිසිත් නොපෙනේ

Picture - Kyoko Hunt, Japanese, "Snow, Winter"

2 comments:

  1. එඬරු බිඳකවත් කහටක් නැති හෙයින්
    සුදු ව ගිය කළු ලෑල්ලෙහි
    ආදරය හැර මට
    කිසිත් නොපෙනේ...

    කොහොමද ලියන්නෙ මෙහෙම මගෙ හිත ආ!!!!!

    ReplyDelete