
තරු එක දෙක ඇහැරෙයි
කඳු ඉහළ පියැසිවල
ආකාසයට යන පාර
මේ මේ ය මුමුණමින
හිටි හැටියෙ හඬ නඟන
වේල් පෙරහැරක ගමන
කඳු නිම්න අතරේ
පාව යයි දිය වෙමින
සසර ඇවිදිමින් කළ
කුඩා ලොකු පවු සැවොම
ගෙවී යන්නට කියා
එක පෙළට පැද්දෙත්
කටු ඇමිණුණු මිනිස්සු
Picture - Elizabeth Keith, British, 1887-1956, Wonsan, Korea
No comments:
Post a Comment