
මට කවි ලියැවෙන්නේ නැත.
නිවැරදිකම එලව එලවා පහර දෙයි.
ස්ටාර්ට කැමැත්ත නොයැවීම
ආනන්තරික පාපකර්මයක් වැනි ව ඇත
ඉතින් මා ජීවත් වන්නේ
වැරදි මිනිසුන් අතර
වැරදි රටක නොවේද?
අස්වීමේ ලිපිය සාදා පෑන් තුඩ පත මත තබා
අවසන් වශයෙන් බලා සිටිමි
කුසද කොන්දද කුසද කොන්දද කිය කියා
කෝච්චිය ඇවිද යනු මට ඇසේ
කොන්ද කියා එක වරම නැවතී එය
දිගු සුසුමක් හෙළනු ඇත සැකෙවින්
Picture - Kimberly Dow, American, Pensive
සැබෑ අත්දැකීමක් නොවේවා...
ReplyDeleteමට මොහොතකට පෙර සිතුනු දෙය නුඹ කවියකට හරවා
ReplyDeleteඇති අන්දම අපූරියි
මිතුරිය
කුසත් කොන්දත්
ජීවිතය රැකදෙන රැකියාවත්
පසෙක තබා
මිය යන්නේනම්
කොතරම් වටනේද සත්තයි
මොහොතකට පෙර සිතුණි මට
ජීවිතය නැති කරගත් මිනිස්සුන්ගේ මරණ
Deleteපත්තර පිටු පුරා වැහි වැහලා
"මෝඩ මිනිස්සු" "අනේ මොනවට මැරෙනවද?"
හුඟක් අය කියනවා
මේ වැහි වහින මරණ පෙන්වන්නේ රටේ තත්ත්වය කියල
ඒවා වාර්තා කරන අයටවත් තේරෙන්නේ නැද්ද කියල මට හිතෙනවා
ඇත්තටම මේ රටේ වීරයෙක් වෙන්න අමුතු වීරකම් කරන්න ඕනා නෑ
මැරෙන්න තරං දේවල් වටේටම තියාගෙන ජීවත් වෙන එක ම වීර කමක් කියල මට හිතෙනවා
ජීවත් වෙන එක ම වීරකමක්,
අඟහිඟකම් තියෙන, දුකක් වේදනාවක් දැනෙන මිනිස්සු ඒක දන්නවා
>> ඇත්තටම මේ රටේ වීරයෙක් වෙන්න අමුතු වීරකම් කරන්න ඕනා නෑ
ReplyDeleteමැරෙන්න තරං දේවල් වටේටම තියාගෙන ජීවත් වෙන එක ම වීර කමක් කියල මට හිතෙනවා<<
හ්ම්ම්ම්..... මෙච්චර රස සිතිවිලි අපට දෙන්න තියෙද්දී...
>>ඉතින් මා ජීවත් වන්නේ
වැරදි මිනිසුන් අතර
වැරදි රටක නොවේද?
අස්වීමේ ලිපිය සාදා පෑන් තුඩ පත මත තබා
අවසන් වශයෙන් බලා සිටිමි<<......
ඇයි ඔබ මෙහෙම හිතන්නෙ .... :) :)
අදයි කියෙව්වෙ ....
සිතිවිලි සුපිරි...
අනේ මන්දා කෙන්ජි..
Delete