
මරණින් මතු සොහොන් කොතකුදු
හිමි නොවේ යැයි සැක මිනිසුන්
වෙන් කර ගනිත් තම සොහොන් ගැබ්
මරණින් පසු
විසිකරමු අපි අපේ හුස්ම
ඈත ආකාසය වෙතට
කිසිවෙකුත් පය නොගසන
කන්‍යාමය බිමක වැළලෙමු
එසේත් නැත්නම් කොහේ හෝ තැනක පස් වෙමු
බර සුසුමන් හෙළන කුඩා මිනිසුන්ගේ පයට
පියවිල්ලක් වනු පිණිස
ඔවුන් පා බැඳි වෙහෙස උරා ගනු පිණිස දිරා යමු
ජීවත් ව සිටින කල
කුඩා කුඩා සත් බලාපොරොත්තු
සිටුවන්නට බිම් නොලද මිනිසුනට
අවැසිද සොහොන් කොත්
අපි පා කර හරිමු අපේ හුස්ම
ඈත ආකාසය වෙතට
දුටුවද ඔබ තාරුකා මල්
රාත්‍රී වන පස මලට ඉහළින් දිලෙන
Picture - Anne Marie Zylberman
එහි රසවත්භාවය වින්දෙමි මම දකිමින් එහි ඇති හරවත්භාවය
ReplyDeleteස්තූතියි..
Deleteමේ බ්ලොග් එක විස්තර කරන්න තේරෙන්නේ නෑ මට,මගේ ජිව්තේ මං කියවපු ලස්සනම බ්ලොග් එක මේක..... බුදු සරණයි !!!! ඔබට !!!!!
ReplyDeleteස්තූතියි දෙනෙත්!!
Delete