
විඩා බැන්ඳ විහඟුන් අහස පසුකරන්නේ
පෙමක් හින්ද නොවෙදෝ හදක් ඉකි බිඳින්නේ
අහා අන්න රන්වන් සූර්යා ගිලන් වී
වලාවකට පිට දී පල්ලම් බහින්නේ
පෙමක් හින්දයි මේ හදක් ඉකි බිඳින්නේ
ආ..ආ..
පා නොඑක සුරුවම් වලා රාජිණියෝ
වසයි සොව පිරී ගිය ගිලී ගිය දෙකම්මුල්
හදක් දැවුණු ගින්නෙන් ගඟත් ජලය සිඳිලා
මියැදෙන්න අර අදී මඳ නලක එතිලා
මියැදෙන්න අර අදී මඳ නලක එතිලා
අහෝ මේ ගලන්නේ පෙමක සන්තාපේ
Picture - Wilfred Gabriel de Glehn, British, 1870 - 1951
මියැදෙන ප්‍රේමය හිංදද
ReplyDeleteකෝච්චියේ යද්දී ඈතින් ඉර බැහැගෙන යනවා පෙනුණා.. ජෝතිපාලයන්ගේ කටහඬයි ඔළුවෙ තිබුණේ..
Deleteඉතින් එහෙමයි මියැදෙන ප්‍රේමයක් ගැන ලියවුණේ
කදුගෙ නිර්මාන හරි ලස්සනයි. හැබැයි ටිකක් වෙලා කවි දිහා බලාන ඉන්න ඕනෙ .නැත්තම් එක්පාරටම තේරෙන්නෙ නැ. අදහසුත් හොදයි.උපමාවන් නම් නියමයි.
ReplyDelete