Friday, March 21, 2014

වසත් කාලය දුරද කෙකණියන?



වසත් කාලය දුරද
අලන් ගස් වෙත සැඳෑ කල පියඹ යන
කෙකණියන

දිය මං කඩක් දුටිද ඕලු මානෙල් පිපුණ
ගිලන් වුණු තුරු අතර අතීතයෙ යම් දිනක
නවාතැන් ගනු පිණිස ඉඩක් නොලදිද තවම
හිත පුරා සුව සපිරි කෙම් බිමක

තලා මං තලා ගිම් සමේ බිම් තැනි තලා
පියා නුඹ පියාපත් යටින් ඇවිදන් ගියෙද
නිවා ගිම් නිවාලන බිමක් නොම හමුවිණිද
ඉතින් තව තනිකඩද කෙකණියන

Picture - Sergey Samsonov

No comments:

Post a Comment