Friday, March 28, 2014

ඈත අහසෙහි සිතුවම්



ඔබ සමඟ එකට සිටගෙන
සිටිය හැකි නං නිස්කාංසුව
ඈත අහසෙහි වියෙන
නොයෙක සිතුවම් බලාගෙන

එහෙත් බොහෝ කලකට පෙරය
දැවී ගොස් ඇත්තේ අප පෙම
එහි අළු දූලි මත හිඳ
මා මුළුතැන්ගෙයි උයන පිසින අතර
ඔබ ඔබේ පාඩුවේ පොතක් පතක් කියවන

කවුළුවෙන් එපිට ඈත අහසෙහි
නොයෙක සිතුවම් මැවෙන
ඔබ හෝ මම
එදෙස නොබලන

Picture - Alex Alemany

2 comments:

  1. \\දැවී ගොස් ඇත්තේ අප පෙම
    එහි අළු දූලි මත හිඳ
    මා මුළුතැන්ගෙයි උයන පිසින අතර
    ඔබ ඔබේ පාඩුවේ පොතක් පතක් කියවන//

    හරිම අගෙයි. බහුතරයකට වෙන්නෙ මේකනෙ.

    ReplyDelete
  2. කාටත් එහෙම හිතෙන වාර අනන්තයි. ඒත් විවිධ වු ප්‍රස්න වලින් මිනිස්සු හෙම්බත් වෙලා.ඒත් ප්‍රේමයට එසේ වීම නම් දරා ගත නොහැකිය ආදරය කල කෙනෙකුට නම්

    ReplyDelete