Thursday, March 6, 2014

සිත ම ය බල පවත්නේ



සොහොන්පල්ලෙකු වුණොත් මා
මෙ'වන වෘන්දාවෙ
සිත තනා ගත යුතුයි
ඇසි පියන්නට
තුරු හිසක් යට

සිත ම යි
හැමවිට ම
හැමතැන ම

මිනිසුන් අතර
මහත් ගොස් මැද
දුක්ඛිත මුහුණු, පරුෂ වචන 'තර
හිඳින්නට වුව නිදුකින්
සිත ම ය බල පවත්නේ

මෘගයෙකු මෙන් නොවියරුභාවයට සේ මැ
මුව පොව්වෙකු මෙන් තිගැස්සුම්මුක්ත බවට
වන පෙත ද නගරය ද
ගැමි බිම ද සති පොළ ද
නිවස්නට එක හා ම

Picture - Walter Crane, British, 1845 - 1915, "Diana"

No comments:

Post a Comment