Monday, March 3, 2014
බිරියකගෙ රිදුමකට සැලුණු සිත කුමක් වැනිද?
හෙරොයින් මිලිග්‍රෑම් 200 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට බන්ධනාගාරගත කොට සිටි රැඳවියෙක් බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී ගැබිනි බිරිය බැලීමට ගෙදර යයි.
- පුවතක්
පපුවක් තියෙනව නම් එය
රිදෙනවා වගෙ දැනෙන් නැද්ද
අත් මාංචුවලින් තැලී
හද තන්තු සිඳෙන් නැද්ද
බිරියකගෙ රිදුමකට සැලුණු සිත කුමක් වැනිද
සකිසඳේ එය මලක් මිසක අන් කවරක්ද
මලක මුදු පෙති මතේ මත තැවරුවේ කවුද
මත් සයුර ගොරලද්දි දිය බිඳට සරදම්ද
සිතින් සිය බිරිඳ ළඟ නැවති හිත කවරක්ද
සෙනෙහසින් පිරී ගිය සුමුදු සිඹුමක් නොවෙද
News - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/03/04/pg08x_7&pt=p&h=
Picture - Josephine Wall, 1947, Farnham, United Kingdom
Subscribe to:
Post Comments (Atom)
Superb... වැඩ වලින් හෙම්බත් වෙච්ච වෙලාවට ඔයාගෙ බ්ලොග් එක සිහිල් හෙවනක් වගේ. මං නිතර ඇවිත් හිත නිවා ගන්නවා...
ReplyDeletehttp://masandumal.blogspot.com/
ලියන්නට කැමැත්තක් ඇතිවෙනවා අහන කොට මෙහෙම දේවල්.. ස්තූතියි..
Deleteහරිම ලගන්නා ලෙසට සිරකරුවාව , ඔහුගේ හදවත මලකට උපමා කර ඇති ආකාරය ඉතාමත්ම ලස්සනයි.
ReplyDeleteමා හරිද, මා නිතර සාහිත කෙත සැරිසරන්නෙකු නොවන එනමුදු එහි චමත්කාරජනක බවට ආසාකරන්නෙකු වෙමි. මාගේ කොමෙන්ට්ස් වුව වැරැදි වුවහොත් එය නිර්ලෝභීව නිවැරැදි කරන්නේනම් මගේ දැනුමටද එය පිටිවහලක් වනු ඇත
ඔබේ විඳීමට ස්තූතියි.. ඒ ඔහුව මට දැනුණු හැටියි.. මේ චිත්‍රපටියෙත් තියෙන්නේ ඒ වගේ සංවේදී කතාවක්..
DeleteAin't Them Bodies Saints (2013)
(The tale of an outlaw who escapes from prison and sets out across the Texas hills to reunite with his wife and the daughter he has never met.) (Director:David Lowery, Writer:David Lowery)
ඔබ නිවැරදි කිරීමට තරං දැනුමක් මා හට තිබේද කියා මා දන් නෑ.. ඔබටත් හැකියි මා නිවැරදි කරන්නට..
ස්තුතියි. ඉස්තරම්මවිදියට ඉංග්‍රිසි බැරිවුණත් කියල තියෙන දේ යාන්තමට තේරුම් ගන්න පුළුවන් නුණා. නිවාඩු පාඩුවක Ain't Them Bodies Saints (2013) බලන්න ඕන ඒක ඒ තරමටම ලස්සන ඇති කියග හිතෙනවා
ReplyDeleteඉංග්‍රීසි අපේ හදවතේ භාෂාව නෙවෙයිනේ.. දැනුම ලබාගන්න භාෂාවක්නේ.. ඉතින් ඒ තරම මදෑ..
Deleteඔව්, ඒ කතාව හරිම දුක එකක්!