
මගේ හිත මට අඬ ගසයි
කුමක්ද ඔබ මේ කරන්නේ
පුටුවක තැන්පත්ව
ලේඛනවලට අත්සන් තබමින්
කරුණාව උතුරන ගඟුලක්
කිසිවකුට දිය බිඳක් නොදී
සයුරට පනින්නාක් මෙන්
මා හද පත්ල උපදින සිතිවිලි
ප්රාර්ථනාවන්
ක්රියාවක් නැතිවම අකුරු බවට පෙරළී
වැගිරෙයි මෙසේ
කවුරුන්ද මා පත්රමය මිනිසෙක් කළේ
කවුරුන්ද මා නිෂේධ මිනිසෙක් කළේ
එකදු මිනිසෙකුට සතෙකුට ගසකට කොළකටවත්
වගක් වේද මා මෙසේ ජීවත්වීමෙන්
එහෙත් බිමක් නොමැති ව කොතැනක
වියැට වපුරා පූදම්ද මම්
Picture - William Merritt Chase, American, 1849 - 1916
ලක්ශනයි ..
ReplyDeleteස්තූතියි..
Deleteකොච්චර එකක්ද නිෂේධ මිනිහෙක්නම්
ReplyDeleteනිෂේධ කියන එකේ තේරුම දන්නවද ළමයා :)
Deleteකරුණාව උතුරන්නේ නම් කිම්ද
Deleteකිසිවකුට දිය බිදක් නොදී
මහා සයුරට පනින්නේ.
ඇත්තටම කවුද නුඹව නිෂේද මිනිසෙකු කලේ.
තේරුම් ගන්න බැරිව
ලතවෙමි මම
* ඉහළ කොමෙන්ටුව වැරැදි වැටහීමක් සමාවෙන්න
මේ ලියා තිබෙන්නේ ලස්සන කවියක් ඔබ!
Delete[වරදක් නැති ව සමාව ඉල්ලීම යහපත් ගුණයක්ද? :)]