Monday, March 3, 2014

කවුරුන්ද මා නිෂේධ මිනිසෙක් කළේ



මගේ හිත මට අඬ ගසයි
කුමක්ද ඔබ මේ කරන්නේ
පුටුවක තැන්පත්ව
ලේඛනවලට අත්සන් තබමින්

කරුණාව උතුරන ගඟුලක්
කිසිවකුට දිය බිඳක් නොදී
සයුරට පනින්නාක් මෙන්
මා හද පත්ල උපදින සිතිවිලි
ප්‍රාර්ථනාවන්
ක්‍රියාවක් නැතිවම අකුරු බවට පෙරළී
වැගිරෙයි මෙසේ

කවුරුන්ද මා පත්‍රමය මිනිසෙක් කළේ
කවුරුන්ද මා නිෂේධ මිනිසෙක් කළේ
එකදු මිනිසෙකුට සතෙකුට ගසකට කොළකටවත්
වගක් වේද මා මෙසේ ජීවත්වීමෙන්

එහෙත් බිමක් නොමැති ව කොතැනක
වියැට වපුරා පූදම්ද මම්

Picture - William Merritt Chase, American, 1849 - 1916

6 comments:

  1. කොච්චර එකක්ද නිෂේධ මිනිහෙක්නම්

    ReplyDelete
    Replies
    1. නිෂේධ කියන එකේ තේරුම දන්නවද ළමයා :)

      Delete
    2. කරුණාව උතුරන්නේ නම් කිම්ද
      කිසිවකුට දිය බිදක් නොදී
      මහා සයුරට පනින්නේ.
      ඇත්තටම කවුද නුඹව නිෂේද මිනිසෙකු කලේ.
      තේරුම් ගන්න බැරිව
      ලතවෙමි මම

      * ඉහළ කොමෙන්ටුව වැරැදි වැටහීමක් සමාවෙන්න

      Delete
    3. මේ ලියා තිබෙන්නේ ලස්සන කවියක් ඔබ!
      [වරදක් නැති ව සමාව ඉල්ලීම යහපත් ගුණයක්ද? :)]

      Delete