Friday, March 7, 2014

භෞතික විද්‍යාඥයෙකුට බිරිඳකව



සරසවියේ භෞතික විද්‍යා ලැබයට වී හිඳිමි
කෙමෙන් කෙමෙන් ළං වේ මැදියම් රැය
පැරණි සංගීත වාදනයක මන්ද්‍ර ස්වරය පැතිර යයි අවට
Quantum mechanics - what is it?
අයෙක් අසයි මාගෙන්
Roy J. Glauber,
අහෝ මාද උන්මාද ඔබද

අසන්නට වෙන යම් දෙයක්
ඇත්තේම නැද්ද මාගෙන්

දරුවා, දැන් වළදනු කඩල අහුරක්
දිග හරියි මේසය මසට කඩල කර කොට සැදූ ගතක

මම මත් වී පසු වෙමි
අධිකතර ස්වපනයකින් දැන්

[ඇයි සාහිත්‍ය ලැබ් පිහිටුවන්නට බැරි සරසවියේ
ඉන් එකක මා විද්‍යාඥයෙකු කරන්නට බැරිද
නො අසා ම ගරාවැටෙමි
කුඩා අඬු මතට]

Picture Courtesy - http://www.news.harvard.edu/gazette/2005/10.06/01-nobel.html

1 comment: