ජීවිතේ වෙහෙසද බරද
ඉස්සර වගේ නෑ නොවෙද
සටනකිය හැම විට හැම තැන ම
පෙළා සුසුමක් ඉවත යන
ඔබත් නැඟිටිනවද හතරාමාරට
උයනවද පිහිනවද සේරොම
ආච්චිට සනීපයක් නැතුවද
එක්ක යනවද බෙහෙත් දාන්න තවම
අයියත් තාම රටද
අක්කගේ බබා දැන් ලොකුද
බලාගන්නවද ඔබ ඈව
මගෙ වගේ ඔබගෙත් බරද
තනිකඩ වුවත් ජීවිතය
ඉස්සර අපි හැම හවස
කඩචෝරු කන්න කඩ මණ්ඩියට
දුවගෙන ගියේ කුරුල්ලන් වගේ
ඒ හැම දවසකම ඔබ මට
අරන් දුන් චොකලට් කූරු පෙට්ටිය
තවමත් සුවඳ දෙනවා
මතකයෙ විටින් විට
ගස් වැල් ගැන ලියන්නේ කොහොමද
තවමත් කඳු යායවල් එහෙමද
දුටු සතුටු මලක් නෙලා නිම්නෙකින්
එවනවද මටත් සතුටු වෙන්නට
හරිත පැහැ කඳු බෑවුමෙන්
කවදාවත් නොකිව් ආලයන්
සුළඟට ගසා යනවද
නො පෙනී යනු පිණිස ම
සුළං කෝඩයකට විසිකරමු අපිත්
මොකටද තියාගෙන
රිදෙන මතකයක් මිතුරිය
Picture - Eugene Lushpin, Russian, born 1966, Night Scene
කවදාවත් නොකිව් ආලයන්
ReplyDeleteසුළඟට ගසා යනවද
නො පෙනී යනු පිණිස ම
සුළං කෝඩයකට විසිකරමු අපිත්
මොකටද තියාගෙන
රිදෙන මතකයක් මිතුරිය
හ්ම්....
හ්ම් . . . . . . . . . . .
Deleteඅවුටත් වැස්සටත් එක ලෙසම
ReplyDeleteකුඩ නොඉහිලූ අතීතෙක
නිදහසේ පාවෙච්ච හිනාමල්
වැහි බිඳක අද වහින සේදේද?
ඉර එලිය සැර නොවෙද
වෙනදට වැඩිය?
හරිම ලස්සනයි! ඇත්තටම!
වැහි මල් සේලයක ගුලි වී
Deleteඈතට ගියාවද්ද
අපේ බලාපොරොත්තු නිම්හිම් . . .