වසන්තයේ අතු අතරින්
සිනා සලන හිරු එළියේ
දන්නවාද වස්සානේ හිරිකඩ හීතල
වැසි වට දා නඟා ගිගුම්
කඳුරු පිරී දිය කඳුළින්
මල් පුබුදා නටන නැටුම්
හරිත නිම්නවල
වැසි දිය හා දියබත් වෙයි
දේදුනු ඔක්කොම
සේද ඇඳුම් පාට රැඟුම්
මඳ පවනේ දුල මල්කම්
කියුඹු රොදෙහි රඳවා හිම
සීතල සේරොම
මුතු කිරුළක් කියා හිතන්
පැළඳුවාට හිස
දන්නවාද කොපමණදැයි රිදෙන හිතක බර?
Picture - Graham Gercken, Australian, born 1960, Autumn Lakeside
දන්නවාද වස්සානේ හිරිකඩ හීතල
වැසි වට දා නඟා ගිගුම්
කඳුරු පිරී දිය කඳුළින්
මල් පුබුදා නටන නැටුම්
හරිත නිම්නවල
වැසි දිය හා දියබත් වෙයි
දේදුනු ඔක්කොම
සේද ඇඳුම් පාට රැඟුම්
මඳ පවනේ දුල මල්කම්
කියුඹු රොදෙහි රඳවා හිම
සීතල සේරොම
මුතු කිරුළක් කියා හිතන්
පැළඳුවාට හිස
දන්නවාද කොපමණදැයි රිදෙන හිතක බර?
Picture - Graham Gercken, Australian, born 1960, Autumn Lakeside
හම්මේ ලක්සනයි ඈ ,හිdතට හැනුනා
ReplyDelete:)
Deleteදන්නවාද කොපමණදැයි රිදෙන හිතක බර?
ReplyDeleteදැන දැන ම නොදන්නවා වගේ ඉන්නවා වෙන්න බැරිද?
mh hm..
Deleteගොඩක්ම ලස්සනයි! හිතට දැණුනා!ජය!!
ReplyDeleteගොඩක් ස්තූතියි..
Delete