Wednesday, March 26, 2014

ඒ නිසයි අම්මේ




පුදුමාකාර
දහිරියක් අරගෙන
මේ පාරත් මං විභාගෙ ලිව්වෙ
ලිව්වත් කොචචරක් හොඳට
ෆේල් කරන බව දැනගෙනම

ඒත් හරි අමාරුයි වැඩ කරන්න කඩ පොළක
කඳුළු කොච්චරක් වැටෙනවද හිතාගන්නත් බැරි කොට
කම්කරු කාර්යාලත් කප්පරක් දැක ඇතත් එමට
අපේ පඩි කපන හැටි දනිද කුසගිනි පමණ

උගත් නෝනලා කිව්වට ඇත කියා අපටත් අයිතියක්
ඔව්වා හොයාගෙන ගියොත් රස්සා කරන්නට හැකිද
දවස් හයක් සූරා ජීවිතය දිය කළත් පවට
බස් එකටයි කන්නයි දෙකටවත් ඇතිද

පන්දමක් නැති වුණත්
නිසයි අම්මේ
මේ පාරත් මං විභාගේ ලිව්වේ

Picture -
Natasha Milashevich, Russian, born 1967, Girl in Hat

9 comments:

  1. එහෙම විභාගෙ ලිව්වත් දැන් දැන් ඒකෙනුත් ඒ හැටි වැඩක් නැතිවේගෙනයි එන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ

      Delete
  2. ජීවිතය කූඩු කරගන්නට උත්සාහ කරන්නෙ නැතිව කූඩුවෙන් එපිටට පියඹා යන්නට වැර නොදරන්නේ ඇයි?

    ReplyDelete
  3. හෙට සුබ වේවි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අපූර්වී..

      Delete
  4. දෙපාරක් නොලිව් එක ගැන මොහොතක් දුක් වුණත්, නොලිව් එක ගැන දහස් වාරයක් සතුටු වෙන් කාරන එමටයි.ඒත් දෙපාරක් ලිව් එවුන් සිටින හැටි දැක්කම ආයෙම දුකක් හිතට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. A\L නම් ආයෙම කරන්න පුළුවන්නෙ වැව්. මේ දවස්වල ඇප්ලිකේෂනුත් කෝල් කරනවා.. වයස බලපාන්නේ නෑ. ආයෙම උත්සාහ කරන්න.. ධෛර්යය තමයි ඕනෑ..

      Delete
    2. ඒ වගේ එක්ස්සෑම් එකක් දැන්නම් කරන්න අමාරුවෙයි හිරු මොකද දැන් අවුරුදු 12ක් විතර වෙනවනේ උසස් පෙළ කරල....

      Delete
    3. ඒක ඔබේ හිතේ පවතින බාධාවක්. මොකද ඇත්තටම හුඟක් කාලයක් ගිහින් නැවත විභාග කරල සමත් වෙලා ජීවිතය වෙනස් කරගත් අයත් ඉන්නවා. ඒත් සමහරවිට දැන් විවිධ උපාධි තිබෙන නිසා එසේ නැවත එම විභාගය නොකර අධ්‍යාපනයෙන් ඉහළ තැනකට යා හැකි වෙනත් මාර්ග අද විවෘතයි.ඒවාට වෙනම ආයතනත් තිබෙනවා. විවෘත විශ්ව විද්‍යාලයය නිදසුනක්.

      Delete