Sunday, May 17, 2015

දේවදාර ගස්වලට ඉහළින්



රන්මුවා පාටටයි තිබුණෙ ඒ දවස්වල ආකාසය
දේවදාර ගස්වලට ඉහළින්
ඔයාගෙ ඉසකෙස් වගෙයි
වලා දුහුල කඳු හිසට වැටිල තිබුණෙ
මල් පිපුණත් නැතත් එකම විදිහට
හැමදාමත් ළාකොළ පාටයි මිටියාවත
වචනයක්වත් කතා නොකළට
හරි හදිස්සියෙන් විදුලියක් වගේ ඇවිත් යන කොට
මහඋල්පත කන්ද වගෙයි
ගල් ගැහෙන්නෙ තවම හිත

Picture - Louis Aston Knight

9 comments:

  1. අල්තිනායිලා දුයිෂෙන්ලා හැමතැනම ඉන්නවා

    ලස්නයි කදු. මට ගුරු ගීතය මතක් උනා

    සබරේ ඇනෝ

    ReplyDelete
  2. ගොලු හදවතක ආදරයක්...

    ReplyDelete
  3. ලස්සන කවිය

    ReplyDelete
  4. ඇඟේ හීගඩු පිපුණ.මම ගැඹුරට වින්ද.නියමයි කඳු.

    ReplyDelete