Wednesday, May 27, 2015

මල් උයන් තැනුව ඉක්මන


පඬු පාටින් අහස වැළපෙන කොට
අශ්වයෙක් වගේ ඔබ හිටියෙ බොහොම හදිස්සිව
යන්නම් කියන්නත් අමතකම වෙන තරමට
දිගු අඩිවලින් මහ මුහුදෙ ගිලුණෙ ඉර

ඔබේ බෝතල් කණ්ණාඩි දෙකත් එක්ක
වාඩිවෙලා ඉන්න කොට පන්තියේ ඉස්සර
කඳුකරේ මල් පිපුණෙ
ඔබෙ රුව බලන්නත් එක්කල

දූවිලි පාරක් වුණත් මල් පාරක් වගේ පෙනෙන තරමට
ඔබ මගේ හදවතේ මල් උයන් තැනුව ඉක්මන!

Picture - Vladimir Volegov

3 comments:

  1. //දූවිලි පාරක් වුණත් මල් පාරක් වගේ පෙනෙන තරමට
    ඔබ මගේ හදවතේ මල් උයන් තැනුව ඉක්මන!// සුන්දරයි

    ReplyDelete
  2. තුමුල මල් උයන් අස සැවස ඇසක් ඉඟිමරන
    යොවුන් සමනලුන් බෝ විය එකල
    මල් හිසක් ඇද සිඹින තරමට ප්‍රගල්භව
    උන් එකෙක් අල්වාන - නවාතැන් ගැන්වීය පෙති මත

    කැන්වසය මත වැතිර මැව් හැම සිහිනෙම
    රතු රෝස යායක් දෙකක් සිත්තම් විය
    ස්වප්නයෙන් මිදුන නෙත් පියවිලි හරිමි මම
    රෝස පෙති සේරෝම නුඹට ය. කටු විතරක් මට ය.

    ReplyDelete
    Replies
    1. මලා, ඉස්පෙලින් මිට්ටේක්!
      "සැවස" නෙමෙයි "ගැවස"

      Delete