Wednesday, May 6, 2015

දෙවියන්



දෙවියන් කවරාකාරද කියා 
සිතා ගත නොහැකියි මට
එහෙත් කිසි විටෙක නොසිතේ
බෙල්ලන්විල දේවාල කුටියක
පිල්ලෑව බෝධිය වට
තැන තැන යාතිකා පවත්වන මැඳුරු අස
බලයට ලොබ බඳින්නන්ගේ සුරතට සිරව
ඔවුන් ලොව ඇතැයි කියා

මිනිසුන් ඇඳ, අඹා ඇති සැටියෙන්
නොසිතේ මට දෙවියන් ගැන
දෙවියන් තුරු වදුලක මැවෙන
සසොබන ශ්වේත කුසුමක් විය නොහැකිද
සිසිරයක වැටෙන හිම පියල්ලක් මෙන්
සැහැල්ලු විය නොහැකිද
නුඹ අරා වැජඹෙන කඳුවැටියක් විය නොහැකිද
දෙවියන් ගැන මට හිතෙන්නේ එලෙසය

Picture - JMW Turner

4 comments:

  1. අනගි කවි පෙළ
    කඳු ඔබට ජය!

    ReplyDelete
  2. මට මේ නිසැදැස් පෙල කියවනකොට ටී.එම් ජයරත්න මහත්තයගෙ ලස්සන සිංදුවක් මතක් වුනා(.අදුරු කුටිය තුල දොරගුලුලාගෙන..........)ලස්සනයි නිසැදස.

    ReplyDelete