Friday, May 15, 2015
කොතරම් දාර්ශනිකද එය, කොතරම් දුක්ඛිතද?
පුටු සෙටි අරගෙන
පිත්තල මල් පෝච්චි වට කොට
වඩා සතුටින්
සිටින්නාහුය මා මිතුරෝ
දරුවන් හදා වඩමින්
රසබර කෑම පිසිමින්
අසල්වැසියන් හා දොඩමින්
මහත් ප්‍රීතියක්
අත්විඳින්නාහුය ඔවුහු
මහා කලා ශිල්පද
මහ මුහුදද කඳු ගැටද
තාරකා දිදුලන අහස යට සැතපෙන
ගුප්ත රාත්‍රීන්ද
සුණු විසුණු කර දැමිය යුතු සිතද
නැති දෙයක් සොයමින් ගෙවී යන්නෙය ජීවිතය
ක්රූරත්වය තුළ උෂ්ණාධිකව
හිමකැටයක් මෙන් දියව යන්නෙය සුසුම
අන්ධකාර මංපෙතක් දිගේ
මම මගේ ජීවිතයට එළඹෙමින් සිටිමි
කොතරම් දාර්ශනිකද එය
කොතරම් දුක්ඛිතද?
Picture - Mihai Olteanu-Rumania
Subscribe to:
Post Comments (Atom)
මං කියවපු ලස්සනම කඳු සිතුවිල්ලක්.. නොකියා යන්න බෑ..
ReplyDeleteස්තූතියි!!!
Deleteඒ කියන්නේ රේස් එකට නෑ..
ReplyDeleteරේස් දුවන්නෝ හති නොවැටෙත්.
Deleteහති වැටුණද ඒ බව නොපෙන්වා නොදුවන අයට කොකා පෙන්වීමෙන් ප්‍රීති වෙත්. සමාජයේ ආකෘතිමය ස්වභාවය අනු නොදනිත්.