Saturday, May 16, 2015

ළමා හම



මා සිරුර වටා ඇති
ළමා හම ගලවමි
වැඩිහිටියෙකුට හිමිව ඇති
සම් මසින් සැරසෙමි
කැඩපතෙහි ඇති ලොකු වටකුරු ඇස්
කඳුළු අහුරක් හිමි!

ගලවන්ට නියම වූ ළමා හම
හොරෙන් යළි ඇඳ ගමි
ගස් වටේ කඳු වටේ
ප්‍රීතියෙන් ඇවිදිමි

Picture - Floral hairdressing from artist Hanayuishi Takaya

4 comments:

  1. කාලයත් එක්ක වැඩියෙන්ම 'මිස්' වෙන ඇඳුම - ළමාහම

    ReplyDelete
  2. කෙටි උනත් ලස්සනයි ඒ වගේම ලොකු අර්ථයක් තියෙනවා.
    ජය වේවා!!!

    ReplyDelete