Wednesday, May 6, 2015

මමත් නිවිල යන්න ඕනෑ!


බැඳුමෙන් මිදී යන අහසක් වගෙයි මං හිටියෙ
හිටිහැටියෙ පැණි තාලියකට වැටුණු කුහුඹවක වගේ විනාස වෙලා ගියා
ආලෝකයක් වන්ට හිටි 'මුත් ඇස් නිලංකාර වෙලා ගියා
ඒ අතර ආපහු ආලෝකය!
මට මහා ආයුෂ්මතුන් වහන්සේලා සිහි වුණා
කොතරම් පියකරුද
කොතරම් සෞම්‍යද
කොතරම් සුන්දර මිනිසුන් පෙළක්ද දැල්විල නිවිල ගියේ
අන්න ඒ වගේ මමත් නිවිල යන්න ඕනෑ!

Picture - Carlos Blanco (White)

2 comments:

  1. නිවෙන්නට නම් එලෙස
    පත්තුවනු නවතනු බැරිද
    දැනසිට?

    ReplyDelete
    Replies
    1. පත්තු වී ඇත දැන හෝ නොදැන
      නිවී යා යුතුය
      පූර්ණාලෝකය ලබා එබැවින

      Delete