Monday, May 4, 2015

තාරුකා එළිය මා පෙළන්නෙය



තාරුකා එළිය මා පෙළන්නෙය
නිය පසුරු ගාන්නෙය
තනිකමයි දුකයි 'විත්
පෑළ දොර හිඳින්නෙය

ප්‍රේමයක් කියා මුතු මිටක් අත ලා පැමිණ
හිස් පැසින් ඈත් වෙන
ජීවිතය ගයන්නෙය
විසල් අහසකට හිමි කුඩා බව ගයන්නෙය
මා ඇසින් ඈත් වී ඈතටම ඇදෙන්නෙය

Picture - Edouard Gordeev

No comments:

Post a Comment